පාර්ලිම්න්තුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන කාරක සභා සදහා සාමාජිකයින් මේ වන තෙක් පත් කර නොමැති බව පාරල්ිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම කාරක සභා සදහා ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් ද පත් කළ යුතු නියෝජිතයින්ගේ නම් එවීමට, දෙපාර්ශවයම කටයුතු කර නැත. පසුගිය 13 වැනිදාට පෙර එම නම් එවිය යුතු නමුත් එම නම් එවීමට කටයුතු කර නැත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට ආණ්ඩු පක්ෂයෙන් පමණක් නම් යෝජනා කර තිබුණත් විපක්ෂයෙන් මේ සදහා තවම කිසිම නමක් යෝජනා කර නැත.
මීට අමතරව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, මුදල් කාරක සභාව සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා කිසිවකට ආණ්ඩු පක්ෂයෙන් පවා නම් ඉදිරිපත් කර නැත.
මේ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම අපහසුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.