ඊයේ (04) දිනයේ ආරම්භ කළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුවනවා.
ත්රිවිධ හමුදා නිලධාරීන්ට සහ රාජ්ය ආයතනවල කාර්යය මණ්ඩලවලට අද සහ හෙට (06) යන දෙදින තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින අතර අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වනවා.
මෙම රාජ්ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්රකාශ කළ හැකියි.