සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නමින් මත්පැන් අලෙවිසැල්වලින් මුදල් ලබාගැනීමේ ජාවාරමක්

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නමින් පෙනී සිටිමින් මත්පැන් අලෙවිසැල්වලින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් අනාවරණය වී තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයා මත්පැන් අලෙවිසැල්වලට දුරකතන ඇමතුම් ලබාදී මුදල් ඉල්ලා ඇත. කමර්ෂල් බැංකු ගිණුමක් ඉදිරිපත් කර එයට මුදල් ලබාගැනීමට මෙම ජාවාරම්කරු කටයුතු කර තිබෙන බවද සුරබාදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

තමන් අපහසුතාවයට පත් කිරීම සදහා මෙම පුද්ගලයා උත්සාහ ගනිමින් සිටින බවද සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර සියලුම බලපත්‍රලාභීන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

මේ සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත්, තමන්ගේ නම භාවිතා කරනු ලබන කිසිදු තැනැත්තෙක්ට මුදල් ලබා නොදෙන ලෙසත් සුරාබදු කොමසාරිස්වරයා බලපත්‍රලාභීන්ගෙන් ඉල්ලා සිටී.