රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ පත්කිරීමේ ලිපිය ඒ මහතා වෙත භාර දුන්නා.