ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කළ සාරතී දුෂ්මන්ත සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්ව සිටිනවා.
මීට සුළු වේලාවකට පෙර ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් දෙදෙනා මෙසේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සදහා එක්වූණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමින් 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ අතර 2015 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
2020 වසරේදී පැවති මහ මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඔහු පාර්ලිමේන්තුවට දෙවන වරටත් තේරී පත්වූ අතර මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටිනවා.
පාර්ලිම්න්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේ අංගජන් රාමනාදන් මහතායි..
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා 2015 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර . පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස කටයුතු කළා.