රටවල් 12 ක වැසියන්ට ඇමෙරිකාව තහනම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළේය.
එම රටවල් 12 වන්නේ, ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ් රාජ්‍යය, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි රාජ්‍යය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.
මෙම රටවල් 12 ට අමතරව, රටවල් 7 කට අර්ධ සංචාරක සීමා පැනවීමට ද ට්‍රම්ප් නියෝග කර ඇත. එම රටවල් වන්නේ, බුරුන්දි රාජ්‍යය, කියුබාව, ලාඕසය, සියෙරා ලියෝන් රාජ්‍යය, ටෝගෝ, ටර්ක්මිනෙස්තාන් සහ වෙනිසියුලාව ය.