ඡන්දෙදි කිව්වත් ‘රාජ්‍ය සේවක වැටුප්’ සමාලෝචනයක් කරන්නේ නෑ – මාලිමාවේ නියෝජ්‍ය ඇමති

මැතිවරණයේදී පොරොන්දුවූ ආකාරයට රාජ්‍ය සේවක වැටුප් මාස හයෙන් හයට සමාලෝචනයට ලක් නොකරන බව කම්කරු හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පැවසුවේය.

රාජ්‍ය සේවක වැටුප් මාස හයෙන් හයට සමාලෝචනය කරන බව කීවත් ක්‍රියාත්මක කළ යුතු වන්නේ වඩාත් හොදම දේ බව පැවසුවේය. කියන දේ කිරීමට ගන්නා ඇක්ෂන එක වෙනස් විය හැකි බවද දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කීවේය.

අය වැයෙන් වැටුප් වැඩි කිරීම නිසා මාස හයෙන් හයට රාජ්‍ය සේවක වැටුප් සමාලෝචනය කිරීමට අවශ්‍ය නොවන බවද ඔහු කීවේය. අවුරුදු තුනකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සදහා වන යෝජනා ඉදිරිපත් කිරීම නිසා මෙම සමාලෝචනය අවශ්‍ය නොවන බවද ඔහු සදහන් කළේය