පසුගිය සෙනසුරාදා දිනයේ සිය රාජකාරී ගිනිඅවිය ද සමග ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වීමේ සිදුවීමට අදාළව ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වෙයි.