හොරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ගොඩබිමට

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය ප්‍රමාණය සම්බන්ධව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වා තිබේ.

ඒ අනුව හොරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ඒ තුළ තිබී නිලධාරීන් භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේදී මෙම වැටලීම සිදුකළ අතර එම මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන විත් ඇති බවද සඳහන් වේ.