නියමිත ආකාරයට බදු ආදායම් එකතු කිරීමේ ඉලක්ක සම්පුර්ණ කරගත යුතු බවට වන කොන්දේසිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන ඩොලර් මිලියන 344ක වාරිකය නිදහස් කිරීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර ඇත.
ආදායම් එකතු කිරීමේ ක්‍රියාමාර්ග නිසියාකාරව ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 900 කට වැඩි බදු ආදායම් ඉලක්කයක් ලබා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.
මේ අතර සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දැනුම්දී තිබේ.
රාජ්‍ය ආදායම් ඉලක්ක නිසි පරිදි සම්පූර්ණ කරගැනීමට කටයුතු කරන්නේ නම් මෙම වසර තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීරණ ණය පහසුකම යටතේ තවත් වාරික දෙකක් මෙරටට ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.