ඉදිරි දිනවලදී ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් එල්ලවන ප්‍රහාරවල වැඩිවීමක් ඇතිවිය හැකි බවට විවිධ වාර්තා පළවන බවත්, දිවා රාත්‍රී දෙකේම ආරක්ෂාව සම්බ්නධයෙන් සැලකිල්ලෙන් සිටින ලෙසත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ඔහු මේ බව සදහන් කර තිබේ.
නිමල් බණ්ඩාර විසින් ඉදිරිපත් කර ඇති ඊශ්‍රායලයේ නවතම තත්වය සම්බන්ධයෙන් වන නිවේදනය මෙසේය.
ඊශ්රායිල් ආරක්ෂක තත්ත්වය හා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් – (යාවත්කාලින කිරීම (06.00 AM 18/06/2025)
- ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කොට එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ දවස හා රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මක විය. එයින් කීපයක් හැර අනෙක් සියල්ල සම්පුර්ණයෙ විනාශ කිරීමට ඊශ්රායිල් ආරක්ෂක අංශ සමත් විය.
- ඊයේ උදාසන් 08.45 පමණ ඊශ්‍රායලයේ තානාපති නිලධාරීන් බොහෝ දෙනෙකු පදිංචිව සිටින ටෙල් අවිව් නගරයට උතුරින් පිහිටි හර්සිලියා (Herzliya) නාගරික ප්‍රදේශයේ බස් ඩිපෝවක් අසලට ඉරාන බැලස්ටික් මිසයිලයක් කඩා වැටීම හේතුවෙන් එහි නවතා තිබු බස්රථ ගණනාවක් ගිනිබත් විය. තානාපති නිලධාරීන් හා අමෙකුත් ජනයා ජිවත්වන් නිවාස බොහොමයක් දෙදරීමට ලක්වී තිබුණි.
- හර්සිලියා (Herzliya) ප්‍රදේශය වැටුණු මිසයිලය, ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ මුලස්ථානයට එල්ල කරන ලද මිසයිලයක් ලෙස ව්‍යාජ පුවත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබු අතර ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි හා සමහර මාධ්‍යයවේදින් පවා පම පුවත් සත්‍ය පුවතක් ලෙස වාර්තා කර තිබුණි. ඒ පිලිබන්දව් විමසීම් කරන ලද සියලු දෙනාට සත්‍ය සිදුවීම පැහැදිලි කරන ලදී.
- අන්තර්ජලයේ පලකරන ලද මෙවැනි අසත්‍ය තොරතුරු නැවත ප්‍රචාරය නොකරන් ලෙසත්, සත්‍ය තොරතුරු හා උපදෙස් සඳහා ඊශ්රායිල් ආරක්ෂා අමාත්‍යංශයේ (IDF) වෙබ් අඩවියට පිවිස තොඅරතුරු ලබා ගන්න ලේඅස් කාරුණිකව දන්වමි.
- රාත්‍රී කාලයේ එක දිගට එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාර නිසා විගි වැඩිහිටි හා දරුවන් සමඟ සිටින මාපියන් රාත්‍රිය මුළුල්ලේ ආරක්ෂිත කුටිවලම් අකාලය ගත කරන්නේ ප්‍රහාර එල්ල කරන අවස්ථාවල විදුලි සොපම භාවිතා නොකොට පඩිපෙල් පමණක් භාවිතා කරන මෙන් ලද උපදෙන් අනුව උස මහල් ගොඩනැගිලිවල සිට පඩිපෙල්වලින් ඔවුනට වරින්වර ගමන් කිරිමට නොහැකි ඇති අසීරුතාවය හේතුවෙනි.
- මහජන එක්කරශිවීම්, උත්සව හා ජනයා සමූහයක් එකතුවන් අවස්ථා සංවිධානය නොකරන් ලෙස දැන්වීම හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පොසොන් මාසය සිහිකිරීම සඳහා ටෙල් අවිව, හර්සිලියා , ජෙරුස්සෙලම් හා හයිෆා නගරවල් සංවිධානය කර තිබූ පොසොන් පිංකම් හා දන්සල් පහක් කල්දමා තිබේ.
7.ආරක්ෂිත නිවස්නයන් නොමැති පැරණි නිවාසවල ජිවත්වන කීපදෙනෙකු තම ආරක්ෂාව පිලිබදව විමසීම් කළ අතර ප්රහාරයන් සිදුවන අවස්ථාවේ ගතයුතු පියවරයන් පිලිබන්දව් ඔවුන්ගේ පවුලේ පිරිස හා තමනට සම්බන්ධීකරණය කරන සමාජ සේවිකාව සමඟ කතාකොට ඒ සඳහා විසදුමක් යොදාගන්න ලෙස දන්වමි. - තම දරුවාගේ හදිසි මරණය හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය බව පවසමින් ගාල්ල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ සේවයට පැමිණි තරුණයෙකු තානාපති කාර්යාලයට පැමිණි අතර පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවට යාමය ඇති ඇති අපහසුතාව පහදා දුන් අතර එලාට් නගරය හරහා ඊජිප්තුවට ගොස් එහි සිට ශ්‍රී ලංකාවට යාමට ඇති හැකියාව පැහැදිලි කළෙමි. තමනට Re-entry විසා බලපත්‍රය නොගෙන ශ්‍රී ලංකාවට ගියහොත් නැවත පැමිණීමට නොහැකි බවත් පැහැදිලි කරන ලදී. මේ දිනවල බොහෝ ඊශ්රායිල් කායාල වසා දමා ඇති අතර ඔවුන් නිවසේ සිට අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සිදු කෙරේ. මේ අතර ව්‍යාපාරික කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණි කීප දෙනෙකු ශ්‍රී ලංකාවට යාමට නොහැකිව ඊශ්‍රායලයේ රැදී සිටිති.
- ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා ඊශ්රායිල් ගුවන් අවකශය තවමත් වසා දමා තිබේ.
- ඉදිරි දිනවල ප්‍රහාරවල වැඩිවීමක් විය හැකි බව විවිධ වාර්තා පලවන අතර තම ආරක්ෂාව සම්බන්දයෙන් දිවා රාත්‍රී සැලකිල්ලෙන් සිටින අලෙඅස් දැන්වීමට කැමැත්තෙමි.
නිමල් බණ්ඩාර
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති