නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද 

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා දීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.