යාත්‍රා දෙකෙහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක්

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.