අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.