ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මේ අවස්ථාවේදී සූදානම් නෑ

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මේ අවස්ථාවේදී සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ හිමිකම් පනත සංශෝධනය කරමින් හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ හිමිකම් පනත මගින් ආවරණය වන කරුණු පමණක් බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවන බවද ඔහු සදහන් කළේය. මේ අවස්ථාවේදී ව්‍යස්ථා සංශෝධනයකට යාමට සූදානමක් නොමැති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා සදහන් කළේය.