පසුගිය සති අන්තයේදී සිංගප්පූරුව් සංචාරයක නිරතවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීම් ඉටු කර නොමැති බව අනාවරණය වෙයි.
සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයා හමුවීම සදහා වන නිල හමුවක් සංවිධානය කරන ලෙස හිටපු ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. එහෙත් එම ලිඛිත ඉල්ලීම සිංග්පූරුවට යැවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර නොමැති බවද අනාවරණය වේ.
ඒ නිසා හිටපු ජනාධිපතිවරයාට, සිංග්පපූරුවේ හිටපු අගමැතිවරයා සමග නිල හමුවීමකට අවස්ථාව ලැබී නැත.
කෙසේ වෙතත් සිංගප්පූරුව් ඇමැතිවරු කිහිපදෙනෙක් රනිල් වික්‍රමසිංහ හමුවී පුද්ගලික සාකච්ඡාවක් සදහා සූදානම් කරන්නදැයි විමසා ඇති නමුත් හිටපු ජනාධිපතිවරයා එයට එකගවී නැත.
නේපාලයේ පැවැත්වෙන බෞද්ධ සමුළුවක් සදහා සහභාගී වන ලෙසට වන නිල ආරාධනාව කිරීමට, මෙම නිල හමුව ඉල්ලා තිබූ බවද, එය නිල වශයෙන් සිදු කළ යුතු ආරාධනාවක් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.