සිමින්ති කොට්ටයක මිල රුපියල් සියයකින් අඩු කිරීම සදහා ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.
සිමින්ති සදහා පනවා ඇති සෙස් බද්ද අඩු කිරීම සදහා වන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එම ගැසට් නිවේදනය අනුව සිමින්ති සදහා අඩු කර ඇති බද්ද අඩු කිරීමට මුදල් කාරක සභාව මෙසේ අනුමැතිය ලබාදී තිබේ.
මේ අතර කළුගල් අපනයනය කිරීම සදහා පනවා තිබූ බදු මුදල අඩු කිරීම සදහාද මුදල් කාර්ක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව කළුගල් මෙට්‍රික් ටොන් මිලියන ඒකක් අපනයනය කිරීම සදහා කියුබික් මීටරයක් සදහා රුපියල් දහසක බදු මුදලක් අය කෙරේ.
මේ අතර සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම අදාල මූල්‍ය ආයතන වෙත සෘජුවම ලාබගැනීම සදහා වන ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මුදල් කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.