ශ්‍රී ලංකාවේ විශාලතම පින්තාරු නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් පසුගියදා ‘ColourNext – 2025’ වසරේ වර්ණාවලිය හඳුන්වාදීමේ අවස්ථාව කොළඹ මොනාර්ක් ඉම්පීරියල් ශාලාවේදී විචිත්‍රවත් අයුරින් පවත්වනු ලැබිණි.
අඛණ්ඩවම දෙවන වසරටත් පැවත්වුණූ මෙම අවස්ථාව සඳහා මෙරට ප්‍රවීණතම ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් ඇතුළු වෘත්තියවේදීන් සහ ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර සමාගමේ කලාපීය අධ්‍යක්ෂක බුධාදිත්‍ය මුඛර්ජී, ඒෂියන් පේන්ට්ස් කෝස්වේ – ශ්‍රී ලංකා සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිතරන්, එම සමාගමේ අලෙවි ප්‍රධානී අනුරාධ එදිරිසිංහ යන මහත්වරුන් ප්‍රමඛ සමාගමේ ඉහළ කළමනාකාරීත්වයද සහභාගී විය.
ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර (Asian Paints – International) සමාගම විසින් ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට අතිශය වැදගත් වන නව වර්ණ ප්‍රවණතාවයන් සහ එම වර්ණවලට අදාළ පින්තාරු නිෂ්පාදනයට ගැනෙන අමුද්‍රව්‍ය පිළිබඳව පර්යේෂණ කටයුතු අඛණ්ඩවම සිදු කරන අතර ගෘහ නිර්මාණ, අභ්‍යන්තර නිර්මාණ, කලා, විලාසිතා නිර්මාණ, ජනමාධ්‍ය සහ සමාජ විද්‍යා යන ක්ෂේත්‍රයන් හි ප්‍රවීණයින් රැසක් මෙම පර්යේෂණ කටයුතු සඳහා දායක්වය ලබා දේ. ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර සමාගම මෙම පර්යේෂණවල නිරීක්ෂණ සහ නිගමන මත පදනම්ව, ඉදිරි වසර තුළ ජනප්‍රියත්වයෙන් ඉහළ යාමට නියමිත වර්ණ සහ ප්‍රවණතාවයන් පිළිබඳව පුරෝකථනයන් සිදුකරන අතර එම පුරෝකථනයන් ඇතුළත් පර්යේෂණ තොරතුරු එළිදැක්වීමික්‍දකද ‘ColourNext’ හිදී වාර්ෂිකව සිදු කෙරේ.
‘ColourNext – 2025’ වාර්තාව විසින් මේ වසරේ වර්ණය ලෙසින් ‘Cardinal’ වර්ණය හඳුන්වාදුන් අතර අඳුරු පැහැ, ආත්මීය වර්ණයක් වන කාඩිනල් වර්ණය නිසල, ගැඹුරු බවක් සහ භාවනීය, හැඟුම්බර බවක් දනවන වර්ණයකි. මතක ආවර්ජනය, ස්වයං ආත්මීය විමර්ශනය, ස්ථිරබව සහ අලුත් වීම වැනි මිනිස් අත්දැකීමේ ගැඹුර සහ විවිධත්වය ගැන ප්‍රකාශනයක් වන කාඩිනල් වර්ණය, හැගීම් ප්‍රකාශනය සහ අවකාශය මූලික වෙන ඕනෑම නිර්මාණකරණකට උචිත වර්ණයකි. ‘කාඩිනල්’ වර්ණයට අමතරව තවත් විවිධ තේමාවන් මත පදනම් වූ වර්ණ නැමියාවන් තුනක් ‘ColourNext – 2025’ හිදී හඳුන්වා දෙනු ලැබිණි.
එහිදී අදහස් දැක්වූ ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර සමාගමේ කලාපීය අධ්‍යක්ෂක, බුධාදිත්‍ය මුඛර්ජී මහතාගේ මෙසේ පවසා සිටියේය “ඒෂියන් පේන්ට්ස් සමාගම වර්ණ සම්බන්ධව අඛණ්ඩවම පර්යේෂණ කරමින් ලබාගන්නා නව දැනුම සහ තොරතුරු, ඒ වගේම නිර්මාණකරණ ක්ෂේත්‍රයේ අනාගත ප්‍රවණතාවයන් පිළිබඳව පුරෝකථනයන්, අප විසින් වසරකට වරක් ක්ෂේත්‍රය සමඟ බෙදා ගන්නා අවස්ථාව ‘ColourNext’ එළිදැක්වීමයි. මේ වර්ණාවලීන් සහ අදාළ තොරතුරු ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් හා බෙදා ගැනීම හරහා ඔවුන්ට ඉදිරියේදී නිර්මාණකරණය තුළ සිදුවීමට අපේක්ෂිත භාවාත්මක සහ සංස්කෘතිකමය විලාසිතා වෙනස්කම් අධ්‍යයනය කර, ඊට සූදානම් වීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි අනන්‍යතාවය සහ දේශගුණික කාරණා වලට දැඩිව සම්බන්ධ වුණු නිර්මාණකරණ සංස්කෘතියක් ඇති රටක ‘ColourNext’ වෙතින් ලැබෙන මඟ පෙන්වීම වෘත්තීයවේදීන්ට ඉතා වැදගත්. ඒ විශේෂයෙන්ම වර්ණ භාවිතයේ ජාත්‍යන්තර නැමියාවන් දේශීය තත්ත්වයන්ට සරිලන ආකාරයට සාර්ථකව සමබර කරගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවන නිසායි”.
එමෙන්ම ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පීන් වඩාත් අරුතාන්විත නිර්මාණකරණය පිළිබඳව දැඩි ඇල්මක් දක්වන බව සඳහන් කළ මුඛර්ජී මහතා, වාර්ෂිකව පැවත්වෙන ‘ColourNext’ ඉසව්ව නව විශේෂඥ දැනුම ප්‍රවීණයින් අතර හුවමාරු වන වේදිකාවක් වශයෙන්ද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව පැවසීය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් සහභාගී වූ අතර නිර්මාණකරණය සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ ඉසව්වක් වාර්ෂිකව පැවත්වීම සම්බන්ධයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ඔවුන්ගේ පැසසුමට ලක්විය.