2024 අයවැය ඉදිරිපත් වෙන්නේ මෙන්න මෙහෙමයි.

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලබන වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326කි.

පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර, වැටුප් වැනි වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රමාණය රුපියල් බිලියන 5,334කි.

ප්‍රාග්ධන වියදම් නැතහොත් නව ව්‍යාපෘති හෝ පැවති ව්‍යාපෘති ආදියට කෙරෙන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 1,225ක් ලෙස සඳහන් ය.

විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දින 07ක් පැවැත්වෙනු ඇත.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වැනිදා පැවැත් වේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා පස්වරු 06.00ට පැවැත් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *