2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සති දෙකකින්

අපොස සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල තවත් සති දෙකක වගේ කාලයක් තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මේ වනවිට සාමන්‍ය පෙළ ප්‍රථිඵල පරික්ෂාවේ අවසන් අදියරේ පසුවන බවයි.

මේ අවස්ථාව වනවිට විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවත් අනිවාර්යෙන්ම සැත්තැම්බර් මාසය තුළ මේ ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.