2023 වසරේ සියළු ගෙවීම් සඳහා මුදල් ලබා දී අවසන් කරයි

2023 අයවැයට අනුකූලව, 2023 දෙසැම්බර් 15 දක්වා රජය විසින් අනුමත කරන ලද සියලුම ගෙවීම් නිරවුල් කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් මේවන විට මුදල් ලබා දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, වසර විසිපහකට පසු එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ සියලුම ගෙවීම් සාර්ථකව පියවූ පළමු අවස්ථාව මෙය වේ.

තවද, 2023 දෙසැම්බර් 19 දින දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත දීමනා සඳහා කිසියම් හිඟ මුදල් ප්‍රමාණයක් ඇතුළත්ව කඩිනමින් අරමුදල් මුදා හැරීම‍ට භාණ්ඩාගාරය සූදානමින් සිටී

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!