2022 මෙරට කාන්තා ඝාතන 29% ඉහළට

මෙරට කාන්තාවන්ට අපරාධවලට ලක්වීම වැඩිවීමක් දක්නට ඇති අතර ඉකුත් වසර තුන තුළදී (2020, 2021, 2022) කාන්තාවන් 263 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රී ලංකා පොලීසිය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් වර්ෂයේ දී (2022) කාන්තාවන් 102නෙකු ඝාතනයට ලක්ව තිබිණ.

එමෙන්ම 2021 වර්ෂයේ දී කාන්තාවන් 79 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර එම වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී කාන්තා ඝාතන සංඛ්‍යාව සියයට 29කින් ඉහළ ගොස් ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
2020 වර්ෂයේ දී ඝාතනයට ලක්ව ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව 82ක්.

එමෙන්ම කාන්තා මිනීමැරුම්වලට අමතරව ස්ත්‍රී දූෂණ, මිනිමැරීමට තැත්කිරීම, බරපතළ තුවාල සිදුකිරීම, බරපතළ ලිංගික අපයෝජන, අපහරණය, පැහැරගෙනයෑම, කාමුක සංසර්ගය සඳහා ස්ත්‍රීන් සැපයීම ආදි කාන්තාවන්ට එරෙහි බල අපරාධ 600ක් ඉකුත් වර්ෂයේ දී වාර්තා වී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *