2022 මූල්‍ය අර්බුදය පැවති කාලයට සාපේෂව වර්තමානයේ ශ්‍රී ලංකාව තෙල් මිල ඉහළ යාමෙන් ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට හොඳින් සූදානම්ව සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
වර්තමානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7 ක ශක්තිමත් විදේශ සංචිත ශ්‍රී ලංකාව සතුව පවතින බවත් අඩු උද්ධමන වේගය හේතුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය .
“ තෙල් මිල ඉහලයාම අපට දරාගත හැකි නිශ්චිත මට්ටම කියා නම් කිරීමට හැකි සීමාවක් නෑ . නමුත් අපි අතීතයේ සිටි මට්ටමට වඩා බොහෝ හොඳින් සූදානම්ව සිටිමු. 2022 අර්බුදය අතරතුර, උද්ධමනය අතිශයින් ඉහළ විය. එම තත්වයන් යටතේ මීට සමාන කම්පනයක් ඇති වූයේ නම්, එය කළමනාකරණය කිරීම ඉතා අපහසු වනු ඇත.”
සති අන්තයේ බැංකොක් හී පවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හමුවක් අතර තුර බ්ලුම්බර්ග් වෙබ් අඩවියට මේ බව පැවසීය .