2020 ටී 20 තරගවලිය සඳහා සිම්බාබ්වේ සහ නැමීබියව සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්ත්වයෙන් පැවැත්වෙන 2026 20 – 20 පිරිමි ලෝක කුසලානයට අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් තෙරීමෙ තරගවලිය මේ දිනවල සිම්බාබ්වේදී පැවැත්වෙයි. ඒ යටතේ ඊයේ පැවති අවසන් පූර්ව තරග ජයගෙන 2026 , 20 – 20 තරගාවලියට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ හා නැමීබියාව ෛඉයේ සමත් විය .

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ටැන්සානියාව පරාජය කරමින් නැමීබියාව පළමුවෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගත්තේය.

ඉන් අනතුරුව දෙවන අවසන් පූර්ව තරගයේදී සත්කාරක සිම්බාබ්වේ විසින් කෙන්යාව පරාජය කර සිය ලෝක කුසලාන කඩඉම ජයගත්තේය. දකුණු අප්‍රිකාව දැනටමත් ඍජුවම ලෝක කුසලානට සුදුසුකම් ලබා සිටියි . ඒ අනුව ඔවුන් සමග නැමීබියාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් දෙකද 2026 , 20 – 20 ලෝක කුසලානය සඳහා තරග වදිනු ඇත.

2026 ලෝක කුසලානය කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් පැවැත්වේ.