ගංවතුරේ තතු හොයන්න ගිය 20කට විදුලි සැර වදී -අයෙක් මරුට

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් 20 දෙනකුට විදුලි සැර වැදී තිබෙනවා.

බෝට්ටුවේ ගමන් ගත් පිරිසගෙන් ඉන් එක් අයෙකු මියගොස් සෙසු පිරිස බේරි ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැති තරුණයකු වන අතර එම තරුණයා ඊයේ (03) සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර තොරතුරු නැරඹීමට බෝට්ටුවක ගමන් කර තිබෙනවා.

කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටී තිබුණා.

බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!