20 – 20 ලෝක කුසළාන තරගාවලිය ආරම්භ වෙයි.

20 – 20 ලෝක කුසළාන තරගාවලිය අද ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වීමට නියමිතය .

තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3 ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිවා තරගයක් වන එය පෙ.ව. 11 ට ආරම්භවීමට නියමිතයි.

අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන් ස්කොට්ලන්තයට එරෙහිව කොල්කටාහිදීද, සත්කාරක ඉන්දියාව අමෙරිකාවට එරෙහිව මුම්බායිහිදීද තරග වැදීමට නියමිතය .

ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩාකරන අතර, එම තරගය හෙට (8) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි .

20 – 20 ලෝක කුසලාන තරගවලිය මෙවර පැවැත්වෙන්නේ 10වන වතවටය. 2012 වසරේදී ශ්‍රී ලංකාවද 2016 දී ඉන්දියාවද තනි රටවල් ලෙස මෙම තරගාවලියට සත්කාරකත්ත්වය ලබාදී තිබුනි.

මෙවර අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරගාවලිය තරග 55 කින් සමන්විත අතර, ඉන් තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත .

කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් මෙවරද පැවැත්වෙන මෙම තරගාවලියේ ‘B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරගවදින අතර, එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ ඇතුළත්ව සිටිනවා.