ජීවිත අහිමිවූවන් සිහිකරමින් නිහඬතාවයක්

අද (21) පෙරවරු 8.45ට දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවයක් පවත්වා පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර තිබෙනවා.

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයට වසර පහක් පිරිම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ අනුස්මරණ උත්සවය පැවැත්වෙනවා.

සවස 3.30ට මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් භූමීයෙන් ඇරඹෙන ‘යාච්ඥාවේ පාගමන’ කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානය දක්වා කාදිනල් හිමිපාණන්, රදගුරු තුමන්ලා සහ ජනතාවගේ සහභාගීත්වයෙන් ගමන් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!