සයිබර් අපරාධ කඳවුරුවල සිටි 27ක් කටුනායකට

මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු , එයින් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපොළට රැගෙනවිත් තිබුණි .

ඔවුන් ඔවුන් එම කදවුරෙන් මුදා ගෙන තායිලන්තය වෙත රැගෙන විත් , එරට බැංකොක් නුවර ගුවන් තොටුපොළේ සිට ඊයේ (16) පස්වරු 04.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මේ සදහා මුල් වී ක්‍රියා කළ මාළිගාවිළ අස්සජි හිමියන් ද මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .