අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වූ 16ක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වු සැකකරුවන් 16 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවැසුවේ බස්නාහිර සහ දකුණු පළාත මුලික කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ දී එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සැකකරුවන් වැල්ලවත්ත, මිටියාගොඩ, කෙසෙල්වත්ත,රත්ගම, ගල්කිස්ස සහ අංගොඩ යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 8 දෙනෙකු සහ ඔවුන් සමඟ විවිධ සබඳතා පවත්වමින් අපරාධ සඳහා සහාය දැක්වු තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බව පොලිසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!