හරිනි සහ විජිත මුද්දරයක් නිසා විවේචනයට ලක්වන හැටි

150 වැනි තැපැල් දිනය වෙනුවෙන් පැවති උත්සවයකට සමගාමීව අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය සහ ඇමැති විජිත හේරත්ගේ ඡායාරුප සහිතව සමරු මුද්දර දෙකක් නිකුත් කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මෙහිදී සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රශ්න කරන්නේ දරුවන් ලවා වන්දනා කර නොගැනීමේ සදාචාරය මෙම මුද්දර නිකුත් කිරීමේ දී දක්නට නොලැබුණේ ඇයිද යන්නයි.

කෙසේ වෙතත් තැපැල් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍යතුමියගේ සහ විජිත හේරත් මහතාගේ රූපය සහිතව මුද්දර 2 ක් නිකුත් වු බවට ප්‍රකාශ වුවද එය වැරදි පුවතක් බවත් කිසිදු විටකත් නිල මුද්දර 2 ක් නිකුත් නොවුනු බවත් රාමු කරන ලද ජායාරූප සහිත සමරු තිළිණයක් පමණක් තැපැල්පති විසින් ලබා දෙන ලද බවත් අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටිනවා.