අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඇරඹෙයි

එළැ­ඹෙන අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඊයේ ජෝර්ජියා ප්‍රාන්ත­යෙන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලබන නොවැ­ම්බර් මස 5 වැනිදා පැවැ­ත්වීමට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම මේ සති­යේදි එරට ප්‍රාන්ත 10කට වැඩි සංඛ්‍යා­වක තෝරා­ගත් මධ්‍ය­ස්ථා­න­වල පැවැ­ත්වෙන බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඕනෑම මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණ­යක් වෙනු­වෙන් තීර­ණා­ත්මක ප්‍රාන්ත­යක් බවට පත්වී ඇති ජෝර්ජියා ප්‍රාන්තයේ පූර්ව ඡන්ද විම­සී­මේදී ලක්ෂ දෙක­හ­මා­ර­කට වැඩි ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් සිය ඡන්දය භාවිත කර ඇතැයි ද, එය අව­සන් වරට 2020 වසරේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි එම ප්‍රාන්තයේ පූර්ව ඡන්ද විම­සී­මට වඩා දෙගු­ණ­යක වැඩි­වී­මක් බව ද වාර්තා වේ.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම යටතේ අයෝවා, කැන්සාස්, රෝඩ් දූපත සහ ටෙනේසි ප්‍රාන්ත­වල ඡන්ද විම­සීම අද (17) පැවැ­ත්වෙන අතර, හෙට උතුරු කැරො­ලිනා ප්‍රාන්ත­යේද, අනිද්දා ලුසි­යානා ප්‍රාන්තයේ සහ වොෂි­න්ටන් ෆෙඩ­රල් දිස්ත්‍රි­ක්කයේ ද පූර්ව ඡන්ද විම­සීම සිදු කිරි­මට නිය­මිත බව වාර්තා වේ. නෙවාඩා සහ මැස­චුසේ ප්‍රාන්ත­වල පූර්ව ඡන්ද විම­සීම ලබන 19 වැනිදා සිදු කිරී­මට නිය­මි­තව ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.