සනත් ව ආරක්ෂා කරන්නේ ජනාධිපති ද ඇමැති ද..ක්‍රිකට් වලපල්ලට ද – සනත් ජයසූරිය ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය අදාළ තනතුරෙහි කටයුතු කිරීම වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අනුව නීතියට පටහැනි බව ‘දූෂණයට එරෙහි අපි’ සංවිධානයේ කැඳවුම්කරු සමන්ත හේවා බන්දුල සහ සභාපති ලයනල් නාවරගොඩගෙදර විසින් ඊයේ (24 වැනිදා) කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී පවසන ලදී.