අධිකරණය මගින් තහනම් කළ දේපළ තමන්ගේ නමට ලියාගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක

රුපියල් කෝටි 1000 කට අධික මහා පරිමාණ පිරමීඩ ජාවාරමකට අදාළව තහනම් කර තිබූ කුරුණෑගල ප්‍රදේශයේ රුපියල් කෝටි 5 ක් වටිනා ඉඩම් 2 ක් පවරාගෙන ඇතැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඊයේ (31 වැනිදා) දන්වා සිටියේය.

අධිකරණය මගින් තහනම් කර තිබෙන දේපළක් අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත පවරා දීමට කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග වෙත දන්වා සිටියේය.