ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සදහා නිකුත් කළ ඇති ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපතිවරු සූදානම් වේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ කොළඹදී හමුවී ඇතැයි අනාවරණය වේ.
අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ නීතීඥයින් කණ්ඩායම් දෙකක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වාර්තා වේ.
ඒ අනුව කලාපයේ අනෙකුත් රටවල හිටපු විධායක ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට ලබාදෙන විශ්‍රාම වරප්‍රසාද පිළිබද අවධානය යොමු කර ඇත. ඒ අනුව ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය සහ භූතානය යන රටවල විශ්‍රාමික රාජ්‍ය නායකයින්ට ලබාදෙන වරප්‍රසාද පිළිබද අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් ඇතුළු හිටපු රාජ්‍ය නායකයින්ට විශ්‍රාම වැටුපක්, නිවසක්, ආරක්ෂාව සහ වෙනත් වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් සොයා බැලීම සදහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද කප්පාදු කිරීම සදහා වන පනත් සංශෝධනය සදහා වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
කෙසේ නමුත් මෙම පනත් සංශෝධනය මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි නොවේ. හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම සම්බ්නධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ලබාදී තිබේ. කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.