පොරවෙන් පහරදී බිරිඳ මරා සියදිවි නසාගත් සැමියා

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙනි.

කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු පොරවකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

දෙදෙනා අතර ආරවුලක් ඇතිව තිබෙන අතර සැමියා එම අවස්ථාවේ ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව විමර්ශනයේදී අනාවරණයවුණා.

61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.