වෙළද ශේෂය පියවීම සදහා තීරු බදු රහිතව ඇමරිකානු ඉලෙට්‍රික් මෝටර් රථ ලංකාවට

ඇමරිකාව හා ලංකාවට අතර තිබෙන වෙළද ශේෂය පියවීම සදහා තීරු බදු රහිතව ඇමරිකානු ඉලෙට්‍රික් මෝටර් රථ ලංකාවට ආනයනය කරන ලෙසට ඇමරිකාව දැනුම්දී තිබේ.

තීරු බදු රහිතව ඇමරිකානු වාහන ආයනයන කිරීමේ යෝජනාවට තීරු බදු සංශෝධනය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරන නියොජිත කණ්ඩායම අවසාන එකගතාවයක් දක්වා නොමැති නමුත්, නිශ්චිත කාලයක් සදහා තීරු බදු සහිතව ඇමරිකානු වාහන ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට එකගතාවය දක්වා ඇත.

දෙරට අතර වන වළෙද ශේෂය පියවීම සදහා ඇමරිකාවෙන් ඉන්ධන මිලදී ගැනීම සදහා ලංකාව මේ වන විටත් එගතාවය දක්වා තිබේ. ඒ අනුව තෙල් සාම්පල ඇමරිකාවෙන් එවර අතර මේ මාසයේදී එය ලංකාවට ලැබීමට නියමිතය.

මේ වන විට ලෝකයේ විශාලතම ඉලෙට්‍රික් වාහන නිශ්පාදකයින් දෙදෙනා වන්නේ ඇමරිකාව සහ චීනයයි. මේ වන විට ලංකාවේ ඉලෙට්‍රික් වාහන වෙළදපොල චීනයට විවෘත වී ඇති අතර චීන ඉලෙට්‍රික් වාහන සදහා විශාල ඉල්ලුමක්ද රට තුළ නිර්මාණය වී තිබේ.