නිල කාලය ආරම්භ කිරීමට පෙර ‘සභිකයින් ‘ තවම කොමිසමට ලැබිලා නෑ

පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙයි.