අනුරගේ ආන්දෝලනාත්මක ඡායාරූපය අතුරුදන්

මැයි දින රැළයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කතා කරමින් සිටියදී ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙක් විසින් ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත ඇතුළත් කර ටික වේලාවකින් ඉවත් කරගැනීමට සිදුව තිබේ.

ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණ විසින් මෙම ආන්දෝලනාත්මක ඡායාරූපය ලබාගෙන තිබුණි. ඔහු එම ඡායාරූපය තමන්ගේ සමාජ මාධ්‍ය පිටුවේ පළ කර තිබුණි. එය බොහෝ දෙනා නැවත පළ කර තිබුණි.

එහෙත් ටික වේලාවකින් ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා එම ඡායාරාපය තමන්ගේ සමාජ මාධ්‍ය පිටුලින් ඉවත් කරගෙන තිබුණි. එම ඡායාරූපය ඉවත් කරගැනීම පිළිබද මෙවැනි සටහනක් තබා තිබේ.

“ජායාරූපයක අන්‍තර්ගතය කියවීම තමාගේ මතය අනූව වෙනස් වේ…
ෆොටෝ එක අයින් කිරීමට සිදුවිය”