කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් මහ තරගය අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඉන් ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වුණු අතර එහිදී ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 97ක ජයක් හිමි වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස් කළා.

එහිදී Smriti Mandhana ලකුණු 116ක් ද, Harleen Deol ලකුණු 47ක්ද, Jemimah Rodrigues ලකුණු 44ක් ද රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 245ක් පමණයි.