ලෝක කුසලාන බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද තරග බිමට

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද රාත්‍රී 7.30ට පාකිස්තානය සමගින් පැවැත්වීමට නියමිතයි.

කාන්තා කණ්ඩායම් 10ක් මෙම තරගාවලිය සඳහා එක්වී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඔවුන් මුලික වටයේදී තරග 4කට සහභාගීමට නියමිතයි.

පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය ද එම කාණ්ඩයට ඇතුලත්.