පැරා­ඔලි­ම්පික් ගිය ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට නිල­ධා­රීන් 12ක් පත්කෙරේ

පැරා­ලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සහ­භා­ගි­වී­මට පැරිස් නුව­ර බලා පිටත්ව ගිය 25 දෙනෙකුගෙන් සම­න්විත ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් තිදෙ­න­කුගේ පුහු­ණු­ක­රු­වන් ඇතු­ළත් කර නොගැ­නීම පිළි­බඳ ජාතික පැරා­ඔලි­ම්පික් කමි­ටු­වට එම ක්ෂේත්‍රයේ දැඩි අප්‍ර­සා­දය පළ වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් අට­දෙ­නකු ඇතු­ළත් වන අතර, ඔවු­න්ගෙන් පස්දෙ­න­කුගේ පුහු­ණු­ක­රු­වන් පම­ණක් සංචා­ර­යට එක්වීමේ අව­ස්ථාව ලැබී තිබූ බව වාර්තා වනවා.

සෙසු ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් තිදෙ­නාට සිය පුහු­ණු­ක­රු­වන් නොමැ­තිව තරග වැදී­මට සිදුවී ඇති බව එම පුවත්පත වාර්තා කරනවා.

ජාතික පැරා­ඔලි­ම්පික් කමි­ටුවේ නිල­ධා­රින්ගේ අව­ශ්‍ය­තාව පරිදි පුහු­ණු­ක­රු­වන් තිදෙනා සංචා­ර­යෙන් ඉවත දමා ඇති බවත් , සිය පුහු­ණු­ක­රු­වන් නොමැ­තිව පැරා­ලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සහ­භා­ගි­වී­මට සිදු වීම එම ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ මාන­සි­ක­ත්ව­යට දැඩි ලෙස බල­පාන බවත් එම පුවත්පත වැඩිදුරටත් පවසනවා.

මෙවර පැරාඔ­ලි­ම්පික් ක්‍රීඩා උලෙළ නියෝ­ජ­නය කරන ශ්‍රී ලංකා කණ්ඩා­යමේ මීටර් 1500 (ටී.46) තර­ග­යට එක්වන ප්‍රදීප් සෝම­සි­රිගේ පුහු­ණු­කරු සජිත් ජය­ලාල්, දුර පැනීමේ තර­ග­යට එක්වන (ටී.47) ධනනි ධනං­ජ­නාගේ පුහු­ණු­කරු නලින්ද සෙන­රත් සහ මීටර් 100 තර­ග­යට (ටී. 42) එක්වන අනිල් ප්‍රසන්න ජය­ලත්ගේ පුහු­ණු­කරු විමුක්ති සොයිසා සංචා­ර­යෙන් කපා දමා ඇති අතර, සිය ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් වෙනු­වෙන් ඔවුන් මේ වන විට සිය පෞද්ග­ලික මුද­ලින් පැරිස් නුවර බලා යෑමට දැඩි උත්සා­හ­යක නිරත වන බව සඳහන් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ප්‍රධා­නියා ලෙස ජාතික පැරා­ලි­ම්පික් කමි­ටුවේ සභා­පති ලුති­නන් කර්නල් දීපාල් හේරත්, භෞත චිකි­ත්සක ලෙස සම්පත් ශ්‍රී බණ්ඩාර, කළ­ම­නා­කරු ලෙස බ්‍රිගේ­ඩි­යර් ධනං­ජය අලු­දෙ­ණිය සහ වෛද්‍ය නිල­ධාරී ලෙස වෛද්‍ය චතුර එදි­රි­සිංහ මහ­ත්ව­රුන්ට අම­ත­රව උප­දේ­ශ­ක­ව­රුන් හා සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රීන් හා රාජ්‍ය නිල­ධා­රීන් ලෙස තවත් නිල­ධා­රීන් 8 දෙනකු පැරිස් නුව­රට යෑම ක්ෂේත්‍රය තුළ දැඩි කතා­බ­හට ලක්වී ඇති බවත් වාර්තා වනවා.

ඒ අතර පැරා­ලි­ම්පික් කමි­ටුවේ හිටපු සභා­පති විශ්‍රා­මික මේජර් ජෙන­රාල් රාජිත අම්පෙ මොහොට්ටි සහ දුනු­වි­දීමේ සංග­මයේ හිටපු සභා­ප­ති­ව­ර­යකු වන රජීව් වික්‍ර­ම­සිංහ මහ­ත්ව­රුද සමඟ රාජ්‍ය නිල­ධා­රීන් වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ෂෙමාල් ප්‍රනාන්දු, ගාමිණී කොස්තා සහ නාමල් සිල්වා යන මහ­ත්වරු ද සිටිනවා.