මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්රී ලංකිකයන් 3694 දෙනෙකු පමණ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවු තවත් ශ්රී ලංකිකයන් 100 දෙනෙකු පෙරේදා ( 06 ) දකුණු කොරියාව බලා පිටත්ව ගියා.
මෙම පිරිස අතරේ තරුණියන් 08 දෙනෙකු සිටින බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්රකාරව ශ්රී ලංකිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවනවා.
එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙවර පිටත් වුණේ 873 වන කණ්ඩායමයි.
අද වන විට තරුණ ප්රජාව අතර දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් වීමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබෙන අතර වර්තමානය වන විට තරුණියන් මෙම රැකියා අවස්ථා සදහා යොමුවීම නව ප්රවණතාවක් බවට පත්වතිබෙනවා.
මේ වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබෙමින් පවතින අතර ඉදිරියේදි තවත් ශ්රමිකයන් රැසක් රැකියා සඳහා පිටත්විමට නියමිතව තිබෙනවා.