”ෆොටෝ ගන්නකොට මම පද්මේ අදුනන්නේ නෑ” රංගන ශිල්පිනී ශ්‍රීමාලී ෆොන්සේකා

රංගන ශිල්පිනී ශ්‍රීමාලී ෆොන්සේකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්ණ කර ඇති බව වාර්තා වේ . දැනට රැඳවම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශය ලබාගෙන ඇත.

කෙසේ වෙතත් එම ඡායාරූපය ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයා පාතාල නායකයෙක් බව තමන් දැනසිටියේ නැති බව ඇය අපරාධ දෙපාර්තමේන්තුව හමුවේ පවස ඇත . එම ස්ථානයේ සිටි පිරිස අතර බොහෝ පිරිස් තමන් සමඟ ඡායාරූප ගත් බව ඇය එහිදී පවසා ඇත .

අදාළ ඡායාරූපය අවුරුදු උත්සවයකට ගිය අවස්ථාවකදී ලබා ගත් එකක් බව පැවසූ ඇය එම අවුරුදු උත්සවයට බොහෝ පිරිස් සම්බන්ධ වූ බවත් එවන් අවස්ථාවක ගන්නා ලද එම ඡායාරූපය තමා සතුවද ඇති බවත්ය.