ෆේස්බුක් එකට වැඩ වරදින ලකුණු

ෆේස්බුක්, එවීටර්, වට්ස් අප් ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක හිමිකාරිත්වය දරනා ප්‍රකට ”මෙටා” සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඇමරිකාවේදී ඊයේ සිදුවූ බව වාර්තවේ.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රීමත් නික් ක්ලෙග් වෙත කරුණු පැහැදිලි කර තිබේ.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින් බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්‍යුත් මාධ්‍ය නියාමන පනත් මගින් සමාජ මාධ්‍ය දැඩි නියමනයට ලක් කිරිම නිසා මෙටා වැනි ලෝප්‍රකට සමාජ මාධ්‍ය වේදිකාවන් ශ්‍රීලංකාවෙන් බැහැරව යාමට බොහෝ සේ ඉඩ ඇතිබව තොරතුරු තාක්ෂණ ප්‍රාමාණික‍යෝ පෙන්වා දෙති. එවැන්නක් සිදුවුවහොත් එය දැඩි සමාජ කැළබීමකට හේතුවිය හැකිබව ඕවුහු පවසති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *