ෆිට් ඕන් කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‍ෙමෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 43 හැවිරිදි කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

අත්අඩංගුවටගත් සැකකරුගේ ජංගම දුරකතනය පොලිසිය විසින් පරික්ෂා කර ඇත . එම පරීක්ෂාවේදී එම කාමරය තුළ වීඩියෝ ගත කළ දර්ශන 200කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි .

එම දර්ශණ අන්තර්ජාලයට යොමු කර තිබේද, එසේ නොමැතිනම් අසභ්‍ය වෙබ් අඩවි වෙත අලෙවි කර ඇත්ද යන්න සෙවීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.