දිට්වා නිසා ළමුන් 275,000 පීඩාවට

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එහි නේවාසික නියෝජිත එමා බ්‍රිගම් පවසනුයේ සුළි කුණාටුවෙන් දරුවන්ටද සිදුව ඇති හානිය පිළිබඳ තමා දැඩි කනස්සල්ල පළ කරන බවය.

යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇය සඳහන් කරයි. ඊට අමතරව දැඩිලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට යුනිසෙෆ් සංවිධානය බලාපොරොත්තුවෙන බව ඇය පවසයි.