හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පකිස්තානය බලා ගමන්ගත් බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි .
”සෙලන්” නමින් හැඳින්වෙන මෙම නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යට අයත් සාජා වරායේ සිට කරච්චි බලා යාත්‍රා කරමින් තිබූ බවත්, එම නෞකාව සංක්‍රමණ අවසරයකින් තොරව සිය ජල තීරය හරහා ගමන් කිරීමට උත්සහ කළ බවත් පවසමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.