හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ(17) රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලාවක හටගත් ගින්න හේතුවෙන් ඒ අවට පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා එහි පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළදින ලෙස කොළඹ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක වරයා විසින් දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් ශ්වසන ආබාධ ඇතිවිය හැකි අතර, එම ශ්වසන ආබාධ අවම කර ගැනීම සඳහා ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස ආපදාකළමනාකරණ ඒකකය වැඩිදුරටත් දැනුම් දී ඇත.