හෝටල් හිමියකු ඇතුළු පස්දෙනෙක් ‘කෲරත්වයට පත් කළ’ පොලිසියේ තිදෙනෙක් මහ උළු ගෙදරට

හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගෙස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු කෲරත්වයට පත්වු පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්‍ෂ 05 බැගින් වන්දි ගෙවීමටද නියම කළා.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම් පැනවු විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද නියම කර සිටියා.

2003 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේදී හෝටලයක හිමිකරු සහ එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සිව්දෙනකු පැහැරගෙන ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබුණා.