හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන නිලධාරීන් විසින් සිදුකළ සංචාරකයන්ගේ ගමන් මළු පරීක්ෂාවකදී ඇමරිකන් ජාතිකයෙකුගේ ගමන් බැගය තුළ තිබී රසායන ද්‍රව්‍ය තුල බහා තිබු කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් සොයා ගෙන ඇත .
අනතුරුව වනජීවී නිළධාරින් ඇමරිකන් ජාතිකයා හා ඔහු සමග පැමිණි කාන්තාව නැවතී සිටි නුවරඑලිය නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පරික්ෂා කිරීමේදී ඔවුනගේ කාමරයේ තිබී මෙරටට ආවේණික තවත් කෘමි සතුන්ගේ සාම්පල 15ක් පමණ සොයාගෙන ඇත . අනතුරුව එම යුවළ අත් ඩංගුවට ගෙන ඊයේ (12) දින මෙම නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත . එහිදී ඔවුනගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගෙන, ලක්ෂ 10 බැගින් ශරීර අප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය . නැවත මෙම නඩුව 2026.01.26 දින කැඳවීමට නියමිතය
වනජීවී භාරයට ගත් කෘමි සාම්පල් 15 ක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත යවා වාර්ථාවක් කැදවා එම වාර්ථාව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.